Inorganic Chemistry Power Pack: Master GCE Advanced Level with 50 Essays, 500 MCQs, Workbook & Trends in Sinhala

රු2,600.00

+ Free Shipping

අ.පො.ස. (උසස් පෙළ) රසායන විද්‍යා සිසුන් සඳහා “s, p සහ d අයත් ගොනුවලට අයත් මූලද්‍රව්‍යයන්ගේ රසායනය” විෂය කොටස ආවරණය වන පරිදි පොත් හතරකින් AMILAGuru Inorganic Chemistry Power Pack

  1. අකාබනික රසායනය : බහුවරණ ප්‍රශ්න 500 (Inorganic Chemistry – 500 MCQs)
  2. අකාබනික රසායනය – රචනා ප්‍රශ්න 50 (Inorganic Chemistry – 50 Essays)
  3. අකාබනික රසායනය – වැඩපොත (Inorganic Chemistry – Workbook)
  4. අකාබනික රසායනය – ගුණ විචලනය (Inorganic Chemistry – Trends)

සෑම ප්‍රශ්නයකට ම අපේක්ෂිත පිළිතුර සහ පිළිතුරු විවරණ සමග ඉදිරිපත් කර ඇති නිසා ස්ව-අධ්‍යයන ග්‍රන්ථ ලෙස භාවිතයට ද සුදුසු ය.

AMILAGuru Inorganic Chemistry Power Pack පරිශීලනයෙන් අකාබනික රසායනය විෂය කොටසට අදාළ ව විභාගයේ දී ලැබෙන ඕනෑම ප්‍රශ්නයකට පිළිතුරු ලිවීමට හැකියාව ලබා ගන්න. දැන් ම අණවුම් කරන්න.

AMILAGuru Inorganic Chemistry Power Pack : අකාබනික රසායනය විෂය කොටසේ ප්‍රවීණයෙක් වෙන්න දැන් අවස්ථාව

සිංහල මාධ්‍යයෙන් ඉගෙනුම ලබන සිසුහු අකාබනික රසායන විද්‍යාව, අ.පො.ස. (උසස් පෙළ) රසායන විද්‍යා විෂය නිර්දේශයේ වඩාත් ම අභියෝගාත්මක විෂය කොටසක් ලෙස ලෙස බොහෝ විට සලකති. විෂය නිර්දේශයේ 6 වන ඒකකය වන “s, p සහ d අයත් ගොනුවලට අයත් මූලද්‍රව්‍යයන්ගේ රසායනය” ඒකකයට ආවරණය කිරීමට විශාල කරුණු ප්‍රමාණයක් අඩංගු වන නිසා එම විෂය කොටස අභියෝගාත්මක වීම සාධාරණය.. මේ අභියෝගයට සාර්ථක ව මුහුණ දී උසස් පෙළ සිසුන්ට අකාබනික රසායන විද්‍යාව පිළිබඳ ගැඹුරු අවබෝධයක් ලබා දී විභාගයේ දී ලැබෙන ප්‍රශ්නවලට නිවැරදි පිළිතුරු ලිවීමේ හැකියාව ලබා දෙන ලෙස විශේෂයෙන් සකස් කළ පොත් හතරකින් Inorganic chemistry Power Pack සමන්විත වේ.

අකාබනික රසායනය : බහුවරණ ප්‍රශ්න 500 (Inorganic Chemistry – 500 MCQs)

දෙ වන පොත, “අකාබනික රසායනය : බහුවරණ ප්‍රශ්න”, අකාබනික රසායන විද්‍යාවේ සෑම අංශයක් ම ආවරණය වන පරිදි බහුවරණ ප්‍රශ්න 500 ක එකතුවක් අඩංගු ය. මෙම පොත සැලසුම් කර ඇත්තේ සිසුන්ට ඔවුන්ගේ දැනුම පරීක්ෂා කිරීමට, ගැටළු විසඳීමේ කුසලතා පුහුණු කිරීමට සහ ප්‍රධාන සංකල්ප පිළිබඳ ඔවුන්ගේ අවබෝධය ශක්තිමත් කිරීමට අවස්ථාව ලබා දීම සඳහා ය. සෑම ප්‍රශ්නයකට ම නිවැරදි පිළිතුර සමඟ පැහැදිලි සහ සංක්ෂිප්ත විවරණ සපයා ඇති නිසා සිසුන්ගේ විෂය කරුණු පිළිබඳ පවතින දුර්මත හඳුනා ගැනීමට සහ නිවැරදි කිරීමට හැකියාව ලැබේ. අකාබනික රසායනය විෂය කොටසේ සඳහා ප්‍රනරීක්ෂණයක් ලෙස ද මෙම පොත භාවිතයට ගත හැකි ය.

අකාබනික රසායනය – රචනා ප්‍රශ්න 50 (Inorganic Chemistry – 50 Essays)

මෙම ලිපි මාලාවේ පළමු පොත වන “අකාබනික රසායනය – රචනා ප්‍රශ්න 50” නිර්මාණය කර ඇත්තේ අ.පො.ස. (උසස් පෙළ) විභාගයේ රචනා ප්‍රශ්නවලට විශිෂ්ට පිළිතුරු ලිවීමේ කුසලතාව වැඩි දියුණු කිරීම සඳහා ය. මෙම පොත “s, p සහ d අයත් ගොනුවලට අයත් මූලද්‍රව්‍යයන්ගේ රසායනය” ඒකකයේ සියලු ම මාතෘකා ආවරණය කරන විභාග මට්ටමේ රචනා ප්‍රශ්න 50 කින් සමන්විතය. සෑම ප්‍රශ්නයකට ම පිළිතුර සමඟ සවිස්තරාත්මක පැහැදිලි කිරීම් සහ පියවරෙන් පියවර ප්‍රශ්නවලට පිළිතුරු ලියන ආකාරය පැහැදිලි කර ඇත. උසස් පෙළ විභාගයෙන් ඉහළ ලකුණු ලබා ගැනීම සඳහා නිවැරදි සංවිධිත පිළිතුරු ලිවීමේ කලාව ප්‍රගුණ කිරීම සඳහා මෙම පොත විශිෂ්ට මෙවලමක් ලෙස සේවය කරයි.

අකාබනික රසායනය – වැඩපොත (Inorganic Chemistry – Workbook)

“අකාබනික රසායනය – වැඩපොත” යනු අකාබනික රසායනය විෂය කොටසට අදාළ විෂය කරුණු පිළිබඳ මතකය පරීක්ෂා කරන සහ මතකය දියුණු කිරීමට උපයොගී කර ගත හැකි වටිනා මෙවලමකි. මෙම වැඩපොතෙහි අඩංගු වෙන්නේ අ.පො.ස. (උසස් පෙළ) විභාග මට්ටමේ ව්‍යුහගත රචනා ප්‍රශ්න සමුහයකි. සැම ප්‍රශ්නකට ම තනි ව පිළිතුරු ලිවීමෙන් පසු සපයා ඇති ආදර්ශ පිළිතුරු සමඟ සංසන්දනය කිරීමෙන් පසු ඔබගේ පිළිතුරු ලිවීමේ හැකියාව පිළිබඳ අවබෝධයක් ලබා ගත හැකි ය. යම් විෂය කොටසකට ඔබගේ පිළිතුරු ලිවීමේ හැකියාව දුර්වල බව ඔබට පෙනීයන විට වෙනත් ප්‍රශ්නයකට පිළිතුරු ලිවීමට පෙර අදාළ විෂය කොටස ඔබගේ සටහන් භාවිතයෙන් නැවත අධ්‍යයනය කිරීම වැදගත් වෙනවා.

අකාබනික රසායනය – ගුණ විචලනය (Inorganic Chemistry – Trends)

මෙම ලිපි මාලාවේ අවසාන පොත වන “අකාබනික රසායනය – ගුණ විචලනය” මූලද්‍රව්‍යවල හැසිරීම් සහ ඒවායේ සංයෝග අවබෝධ කර ගැනීම සඳහා මූලික වන ආවර්තිතා ප්‍රවණතා සහ රටා කෙරෙහි අවධානය යොමු කරන පොතකි. මේ පොතෙහි අකාබනික රසායනය විෂය කොටසට අදාළ ගුණ විචලන නිර්ණය කිරීමේ ප්‍රශ්න 250 ක් අඩංගු ය. මෙම ප්‍රශ්නවලට පිළිතුරු ලිවීමෙන් අකාබනික රසායනය විෂය කොටසට අදාළ සිද්ධාන්ත පිළිබඳ පැහැදිලි සහ ගැඹුරු අවබෝධයක් ලබා ගත හැකි ය. මෙම පොතෙහි සැම ගුණ විචලනයකට ම අදාළ නිවැරදි පිළිුතුර සමග එම පිළිතුර ලැබෙන ආකාරය පැහැදිලි ව විවරණය කර තිබෙන නිසා ස්ව-අධ්‍යයන ග්‍රන්ථයක් ලෙස ද භාවිත කළ හැකි ය.

අ.පො.ස. (උසස් පෙළ) රසායන විද්‍යා සිසුන්ට AMILAGuru Inorganic Chemistry Power pack අත්‍යවශ්‍ය වන්නේ ඇයි?

1. විෂය ආවරණය:

මෙම පොත්වල රසායන විද්‍යාවේ “s, p සහ d අයත් ගොනුවලට අයත් මූලද්‍රව්‍යයන්ගේ රසායනය” විෂය කොටසේ සැම මාතෘකාවක් ම ආවරණය කරන අතර, ඉදිරිපත් කර ඇති ප්‍රශ්න මඟින් සිසුන් අ.පො.ස. (උසස් පෙළ) රසායන විද්‍යා විෂයට හොඳින් සූදානම් කරයි.

2. පැහැදිලි විවරණ:

සෑම පොතක් ම සංකීර්ණ සංකල්ප තේරුම් ගැනීමට පහසු වන පරිදි සවිස්තරාත්මක විවරණ සමඟ පැහැදිලි සහ සංක්ෂිප්ත ආකාරයකින් ලියා ඇත. විශේෂයෙන්ම සිංහල මාධ්‍යයෙන් අධ්‍යාපනය ලබන සිසුන්ට ප්‍රශ්නවලට පිළිතුරු ලිවීමේ අභියෝගය ජය ගැනීමට මේ පොත් විශාල උපකාරයක් වනු ඇන.

3. විභාග ආකෘතියේ ප්‍රශ්න:

මේ පොත් මඟින් රචනා ප්‍රශ්න, ව්‍යුහගත-රචනා ප්‍රශ්න සහ බහුවරණ ප්‍රශ්න යන සියලු ම මාදිලියේ ප්‍රශ්නවලට පිළිතුරු ලිවීමේ හැකියාව වර්ධනය කර ගැනීමට අවස්ථාව ඔබෙ ලැබේ.

4. විභාග සූදානම:

අ.පො.ස (උසස් පෙළ) රසායන විද්‍යා විභාගය සඳහා සිසුන් සූදානම් වීම සඳහා පොත් විශේෂයෙන් නිර්මාණය කර ඇත.

උපරිම ප්‍රතිලාභ සඳහා මෙම පොත් භාවිත කරන්නේ කෙසේ ද?

1. බහුවරණ ප්‍රශ්න සමඟ ඔබේ දැනුම පරීක්ෂා කරන්න:

පළමුවෙන් ම “අකාබනික රසායනය – බහුවරණ ප්‍රශ්න 500” පොතෙන් ඔබේ අකාබනික රසායනය ප්‍රශ්නවලට පිළිතුරු ලිවීම ආරම්භ කරන්න. එම පොතෙහි ඔබට ලබා දී ඇති උපදෙස් අනුගමනය කරන්න.

2. රචනා ප්‍රශ්නවලින් ඔබේ දැනුම තහවුරු කර ගන්න.

බහුවරණ ප්‍රශ්නවලට පිළිතුරු ලිවීමෙන් පසු “අකාබනික රසායනය – රචනා ප්‍රශ්න 50” පොතේ ඇති රචනා ප්‍රශ්නවලට පිළිතුරු ලිවීම අරම්භ කරන්න. උපරිම ප්‍රයෝජනය සඳහා දී ඇති උපදෙස් අනුගමනය කිරීම ඉතා වැදගත් වේ.

3. අකාබනික රසායනය වැඩපොත සමඟ ඉගෙනීම ශක්තිමත් කරන්න:

ඔබ අකාබනික රසායනය විෂය කොටසේ දැනුම තහවුරු කර ගත් පසු අකාබනික රසායනය – වැඩ පොත භාවිතයෙන් ව්‍යුහගත රචනා ප්‍රශ්නවලට පිළිතුරු ලිවීමේ හැකියාව ප්‍රගුණ කර ගැනීම වැදගත් වේ.

4. අකාබනික රසායනය – ගුණ විචලනය

අවසාන වශයෙන්, ආවර්තිතා ප්‍රවණතා සහ රටා පිළිබඳ ඔබේ අවබෝධය ගැඹුරු කිරීමට “අකාබනික රසායනය – ගුණ විචලනය” පොත භාවිතා කරන්න. මූලද්‍රව්‍යවල සහ ඒවායේ සංයෝගවල හැසිරීම්වලට මූලික වන මූලධර්ම ග්‍රහණය කර ගැනීමට මෙම පොත ඔබට උපකාර කරයි.

අ.පො.ස. (උසස් පෙළ) රසායන විද්‍යා විභාගයට සූදානම් වන ඕනෑ ම සිසුවෙකුට අත්‍යවශ්‍ය සම්පතකි. අකාබනික රසායනය විෂය කොටසට අදාළ ව විභාගයේ දී ලැබෙන ඕනෑම ප්‍රශ්නයකට පිළිතුරු ලිවීමට හැකියාව ලබා ගැනීමට මාර්ගෝපදේශ ලබා ගැනීමට මෙම AMILAGuru Inorganic Chemistry Power Pack පරිශීලනය ඉතා වැදගත් වේ. මෙම පොත්වල දක්වා ඇති ප්‍රවේශය අනුගමනය කිරීමෙන්, ඔබට අකාබනික රසායන විද්‍යාවේ ශක්තිමත් පදනමක් ගොඩනඟා ගැනීමට, ඔබේ විශ්වාසය වැඩි කර ගැනීමට සහ විභාගයෙන් ඔබට හැකි හොඳම ප්‍රතිඵල ලබා ගැනීමට හැකිය.

Weight 1200 g

Reviews

There are no reviews yet.

Be the first to review “Inorganic Chemistry Power Pack: Master GCE Advanced Level with 50 Essays, 500 MCQs, Workbook & Trends in Sinhala”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart