Organic Chemistry (කාබනික රසායනය) Power Pack

රු1,550.00

+ Free Shipping

අ.පො.ස. (උසස් පෙළ) කාබනික රසායනයේ ප්‍රවීණයෙක් වීම සඳහා පරිශීලනය කළ යුතු ම පොත් පෙළ

  1. කාබනික යාන්ත්‍රණ සහ ප්‍රතික්‍රියා වැඩපොත
  2. කාබනික රසායනය – විශ්ලේෂණය සහ ඇගයිම ඇතුළත් ප්‍රශ්න
  3. කාබනික සංයෝග විශ්ලේෂණය
  4. කාබනික රසායනය – ගුණ විචලනය

මෙම සෑම පොතක ම අඩංගු වන්නේ අ.පො.ස. (උසස් පෙළ) මට්ටමේ ගැටළු නිසා ඒවාට පිළිතුරු ලිවීම විභාගයේ දී ලැබෙන ප්‍රශ්නවලට පිළිතුරු ලිවීමට පෙර පුහුණුවක් වනු ඇත. එසේ ම සෑම ප්‍රශ්නයක් සඳහා ම පිළිතුරු විවරණයක් ලබා දී ඇති නිසා පිළිතුරු විවරණ පරිශීලනයෙන් කාබනික රසායනය විෂය සංකල්ප පිළිබඳ ඔබේ අවබෝධය පුළුල් වනු ඇත.

කාබනික රසායනයේ ප්‍රවීණයෙක් වීමට AMILAGuru වෙතින් පොත් පෙළක්!

අ.පො.ස. (උසස් පෙළ) රසායන විද්‍යා සිසුන් වෙනුවෙන් ම නිර්මාණය කර ඇති කාබනික රසායනය විෂය කොටසට අදාළ මෙම පොත් ඉතා සැලකිල්ලෙන් සකස් කරන ලද නැවුම් ප්‍රශ්න අඩංගු විශිෂ්ට ප්‍රශ්නෝත්තර පොත් එකතුවකි. මෙම පොත් පරිශීලනයෙන් කාබනික ප්‍රතික්‍රියාවල යාන්ත්‍රණවල සිට කාබනික සංයෝග විශ්ලේෂණය දක්වා පුළුල් පරාසයක ගැටළු ආවරණය කරමින් කාබනික රසායනය ප්‍රගුණ කිරීම සඳහා ඔබට විශිෂ්ට අවස්ථාවක් ලබා දෙයි.

Organic Chemistry Power Pack: අන්තර්ගතය

  1. කාබනික යාන්ත්‍රණ සහ ප්‍රතික්‍රියා වැඩපොත :

    ව්‍යුහගත රචනා ආකාරයේ ප්‍රශ්න සමඟ කාබනික යාන්ත්‍රණ සහ ප්‍රතික්‍රියා ගැඹුරු අවබෝධයක් ලබා ගැනීමට ඔබට උපකාර කරන පොතකි. මෙම වැඩපොත ඔබේ වර්තමාන අවබෝධයට අභියෝග කරමින් තවදුරටත් කාබනික රසායනය විෂය ක්ෂේත්‍රයට අදාළ ඔබේ අවබෝධය පුළුල් කර ගැනීමට උපකාර කරයි.

  2. කාබනික රසායනය – විශ්ලේෂණය සහ ඇගයිම ඇතුළත් ප්‍රශ්න :

    අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාගයේ රසායන විද්‍යාව බහුවරණ ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න අංක 41 සිට 50 දක්වා විශ්ලේෂණය සහ ඇගයීම ඇතුලත් ප්‍රශ්නවලට පිළිතුරු ලිවීමේ හැකියාව වර්ධනය කෙරෙන පරිද්දෙන් විභාග මට්ටමේ ප්‍රශ්න විශාල ප්‍රමාණයක් අඩංගු වේ. සෑම ප්‍රශ්නයකට ම අපේක්ෂිත පිළිතුර සමග සම්පූර්ණ පැහැදිලි කිරීමක් වැදගත් කරුණු සමග ඉදිරිපත් කර ඇත.

  3. කාබනික සංයෝග විශ්ලේෂණය:

    කාබනික සංයෝග විශ්ලේෂණය කෙරෙහි අවධානය යොමු කරන ප්‍රශ්න සමඟ ඔබේ විශ්ලේෂණ කුසලතා වර්ධනය කරන්න. මෙම පොත කාබනික විශ්ලේෂණයේ සංකීර්ණතා හරහා කාබනික රසායනය විෂය අවබෝධය පුළුල් කර ගැනීමට ඔබට මග පෙන්වයි, එසේ ම ඔබේ ගැටළු විසඳීමේ හැකියාවන් වැඩි දියුණු කරයි.

  4. කාබනික රසායනය – ගුණ විචලනය:

    කාබනික රසායනය ගුණ විචලනය සම්බන්ධ ප්‍රශ්න 100+ ක් අඩංගු ය. රසායන විද්‍යාවේ කාබනික රසායනය සිද්ධාන්ත පිළිබඳව ගැඹුරු අවබෝධයක් ලැබෙන සේ ප්‍රශ්න අන්තර්ගත කර ඇත. මෙම ප්‍රශ්නවලට පිළිතුරු ලිවීමෙන් කාබනික රසායනයට අදාළ සිද්ධාන්ත යොදා ගැනීමට පිළිබඳ ව පැහැදිලි අවබෝධයක් ලැබෙනු ඇත.

AMILAGuru Organic Chemistry Power Pack ඔබ පරිශිලනය කළ යුත්තේ ඇයි ?

  • අ.පො.ස. (උසස් පෙළ) කාබනික රසායන විද්‍යාවේ සියලු ම ප්‍රධාන ක්ෂේත්‍ර හොඳින් ආවරණයක කෙරෙන පොත් කට්ටලයක් මඟින් ඔබේ විෂය අවබෝධය තහවුරු කර ගැනීමට
  • අ.පො.ස. (උසස් පෙළ) විභාග මට්ටමට සකස් කළ ප්‍රශ්න පත්‍රවලට පිළිතුරු ලිවීමෙන් විභාගය සූදානම් වීමට සහ ඔබේ කුසලතා මුවහත් කර ගැනීමට
  • වසර විස්සකට අධික කාලයක් අ.පො.ස. (උසස් පෙළ) සිසුන්ට රසායන විද්‍යාව ඉගැන්වීමෙන් සහ සිසුන්ගේ රසායන විද්‍යා විෂයානුබද්ධ ගැටළු විසඳා ගැනීමට උපකාර කිරීමෙන් ලැබුණු මනා විෂය පරිචය මඟින් අමිල සේනාධීර ගුරු මහතා මෙම ප්‍රශ්න සකස් කර තිබීම
  • සෑම ප්‍රශ්නයකට ම පිළිතුරු අඩංගු ලකුණු දීමේ පටිපාටියක් අඩංගු කර ඇති නිසා ඔබේ පිළිතුරුවල ඇති අඩු පාඩු ගැන ඔබට ම අවබෝධයක් ලබා ගත හැකි වීම
  • ප්‍රශ්නයකට පිළිතුරු ලිවීමේ දී සැලකිය යුතු විශේෂ කරුණු ගැන අදාළ අවස්ථාවල පැහැදිලි විවරණ ලබා දී ඇති නිසා ස්ව-අධ්‍යයන ග්‍රන්ථයක් ලෙස ද මේ පොත භාවිත කළ හැකි වීම
  • අ.පො.ස. (උසස් පෙළ) විභාගයේ දී රසායන විද්‍යා විෂය සඳහා ඉහළ ම සමාර්ථයක් ලබා ගැනීමට අවශ්‍ය කුසලතාවලින් සහ මෙවලම්වලින් ඔබම සන්නද්ධ වීමට

ඔබේ AMILAGuru Organic Chemistry Power Pack එක අද ම ඇණවුම් කර අධ්‍යයන විශිෂ්ටත්වය සඳහා පළමු පියවර තබන්න!

Weight 900 g

Reviews

There are no reviews yet.

Be the first to review “Organic Chemistry (කාබනික රසායනය) Power Pack”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart