,

AMILAGuru General Chemistry – 250MCQs (සාමාන්‍ය රසායන විද්‍යාව – 250MCQs) [සිංහල මාධ්‍යය]

රු350.00

+ Free Shipping

සාමාන්‍ය රසායනයේ ප්‍රවීණයෙක් වෙන්න “සාමාන්‍ය රසායන විද්‍යාව – බහුවරණ ප්‍රශ්න 250” පොත දැන් ම පරිශීලිනය කරන්න.

12 වන ශ්‍රේණියේ පළමු වන වාරය වන විට අධ්‍යයනය කර අවසන් කර ඇති විෂය කොටස්වලින් විභාග මට්ටමේ බහුවරණ ප්‍රශ්න 250 කින් සමන්විත ය.

  • පරමාණුක ව්‍යුහය : බහුවරණ ප්‍රශ්න 50
  • රසායනික බන්ධන : බහුවරණ ප්‍රශ්න 100
  • රසායනික ගණනය කිරීම් : බහුවරණ ප්‍රශ්න 50
  • ඔක්සිකරණය සහ ඔක්සිහරණය : බහුවරණ ප්‍රශ්න 50

සෑම ප්‍රශ්නයකට ම අපේක්ෂිත පිළිතුර සහ පිළිතුර ලබා ගන්නා ආකාරය සහ අමතර වැදගත් කරුණු සඳහන් කර ඇත.
මෙම ප්‍රශ්නවලට නියමිත කාලය තුළ පිළිතුරු ලිවීමට උත්සාහ කිරීම අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාග කඩඉම තරණයට මහඟු පිටුවහලක් වනු ඇත.
සියලු ම ප්‍රශ්නවලට පිළිතුරු සම්පූර්ණ විවරණ සමග ඉදිරිපත් කර ඇති නිසා ස්ව-අධ්‍යයන ග්‍රන්ථයක් ලෙස භාවිතයට ද සුදුසු ය.

AMILAGuru General Chemistry – 250MCQs (සාමාන්‍ය රසායන විද්‍යාව – බහුවරණ ප්‍රශ්න 250) සමඟින් ඔබේ රසායන විද්‍යා කුසලතාව වර්ධනය කර ගන්න.

උසස් පෙළ රසායන විද්‍යා ශිෂ්‍යයෙකු ලෙස, සංකීර්ණ සංකල්ප ප්‍රගුණ කිරීම, ඒවා නිවැරදි ව යෙදීම සහ ශ්‍රී ලංකවේ තරඟකාරී ම විභාගයට සූදානම් වීම යන අභියෝග ඔබට ආගන්තුක නොවේ. රසායන විද්‍යාවේ විශිෂ්ඨත්වය කරා යන ගමන ඔබ යායුත්තේ නිරත්තරයෙන් ම ගැටළු විසඳීමෙන් ඔබේ අවබෝධය පුළුල් කර ගැනීමෙන් ම පමණි. එසේ ම පීඩනය යටතේ නියමිත කාලය තුළ ලැබෙන ප්‍රශ්නවලට පිළිතුරු ලිවීමේ මාවත සකස් කර ඇත්තේ නිරන්තර පරිචය, ගැඹුරු අවබෝධය සහ පීඩනය යටතේ ගැටළු විසඳීමට ඇති හැකියාව මගිනි. AMILAGuru සාමාන්‍ය රසායන විද්‍යාව – බහුවරණ ප්‍රශ්න 250 පොත ඔබ රසායන විද්‍යාවේ විශිෂ්ටත්වය වෙත ගමන් කිරීමට උපකාර කිරීමට හැකි වන ලෙස විශේෂයෙන් සකස් කර ඇත.

AMILAGuru General Chemistry – 250MCQs (සාමාන්‍ය රසායන විද්‍යාව – බහුවරණ ප්‍රශ්න 250) පොතෙන් ආවරණය කෙරෙන විෂය කරුණු

මෙම පොත රසායන විද්‍යාවේ පාඩම් හතරක් ආවරණය කරයි,

රසායනික ගණනය කිරීම් [බහුවරණ ප්‍රශ්න 50]: සංඛ්‍යා රසායනය, මවුල සහ ද්‍රාවණ ගැන අවබෝධය

රසායනික ගණනය කිරීම් තවදුරටත් ඔබට අභියෝගයක් නො වන්නට මනා පුහුණුවක් ලැබෙන ලෙස මෙම බහුවරණ ප්‍රශ්න සැලසුම් කර ඇත. විශේෂයෙන් ම නියමිත කාලය තුළ රසායනික ගණනය කිරීම් නිම කිරිම සඳහා ඔබට අවශ්‍ය වන පුහුණුව ලබා දේ.

පරමාණුක ව්‍යුහය [බහුවරණ ප්‍රශ්න 50]: පදාර්ථයේ ගොඩනැඟීම ගැන අවබෝධය, ඉලෙක්ට්‍රෝන වින්‍යාස සහ ක්වොන්ටම් අංක

විවිධ පරමාණුක ආකෘති, ඉලෙක්ට්‍රෝන වින්‍යාස සහ ක්වොන්ටම් අංක පිළිබඳ ව ඔබේ දැනුම පරීක්ෂාවට ලක් කර ගැනීම සඳහා සුදුසු බහුවරණ ප්‍රශ්න 50 ක් අඩංගු ය.

රසායනික බන්ධන [බහුවරණ ප්‍රශ්න 100]: අණුවල හැඩ, මුහුම්කරණය, ප්‍රාථමික අන්තර් ක්‍රියා සහ ද්විතියික අන්තර් ක්‍රියා ගැන ගවේෂණය

අයනික බන්ධන, සහසංයුජ බන්ධන, දායක බන්ධන සහ ලෝහක බන්ධනවල සිට අන්තර් අණුක බල දක්වා විවිධ ස්වරූපයේ ආකර්ෂණ බල පිළිබඳ ඔබේ අවබෝධය පරීක්ෂා කිරීමටත් ඔබේ අවබෝධය පුළුන් කර ගැනීමටත් හැකි වන ලෙස මෙම ප්‍රශ්න සකස් කර ඇත. අණුවල හැඩ නිර්ණය කිරීම සහ මුහුම්කරණය තවදුරටත් ඔබට අභියෝගයක් නො වන්නට මේ ප්‍රශ්නවලට පිළිතුරු ලිවීම වැදගත් වේ.

ඔක්සිකරණය සහ ඔක්සිහරණය: රසායනික ප්‍රතික්‍රියා තුලිත කිරීමේ විශේෂ මෙවලම

ඔක්සිකරණය සහ ඔක්සිහරණය, රසායන විද්‍යාවේ බොහෝමයක් අකාබනික ප්‍රතික්‍රියා තුලිත කිරීමට අවශ්‍ය වන සංකල්පයකි. ඔක්සිකරණය සහ ඔක්සිහරණය සම්බන්ධ වැදගත් සංකල්ප ප්‍රගුණ කරන්න වගේ ම ඔබේ ප්‍රතික්‍රියා තුලිත කිරීම් හැකියාව වර්ධනය කර ගන්න මේ ප්‍රශ්නවලට පිළිතුරු ලිවීම ඉතා වැදගත් වේ.

“සාමාන්‍ය රසායන විද්‍යාව – බහුවරණ ප්‍රශ්න 250” පොතේ සුවිශේෂීත්වය

1. පැහැදිලි, සවිස්තරාත්මක විවරණ:

සෑම ප්‍රශ්නයකට ම අදාළ පිළිතුර කළමනාකරණය කළ හැකි කොටස්වලට බෙදා පැහැදිලි ව විවරණය කර ඇත. මෙම ප්‍රවේශය ඔබේ අවබෝධය ශක්තිමත් කිරීමට පමණක් නොව ඔබේ වැරදිවලින් ඉගෙන ගැනීමට ද හැකියාව ලබා දේ. ඔබ උසස් පෙළ විභාගය සඳහා පුනරීක්ෂණයක් ලෙස මෙම පොත භාවිත කරන්නේ නම් මේ විවරණ ඔබේ අවබෝධය තවත් ඉහළ නැංවීමට හේතු වේ.

2. සිසුන්ට අපහසු විෂය කොටස් වෙත අවධානය:

බොහෝ සිසුන්ට අපහසු විෂය කොටස් වන්නේ ඉලෙක්ට්‍රෝන වින්‍යාස ලිවීම, රසායනික සමීකරණ සමතුලිත කිරීම, ඔක්සිකරණ-ඔක්සිහරණ ප්‍රතික්‍රියාවල ඵල පුරෝකථනය කිරීම, පරමාණුවල මුහුම්කරණය වැනි වියුක්ත සංකල්පයි. මෙම පොත විශේෂයෙන් නිර්මාණය කර ඇත්තේ මෙම ගැටළු සහගත වන විෂය කරුණු ආමන්ත්‍රණය කිරීම සඳහා වන අතර, ඔබේ අවබෝධයට අභියෝග කරන සහ මෙම දුෂ්කර මාතෘකා පැහැදිලි කරන ප්‍රශ්න ඉදිරිපත් කර ඇත. මෙම ඉලක්කගත ප්‍රශ්න සමඟ අභ්‍යාස කිරීමෙන්, ඔබ බාධක ජයගෙන ඔබේ හැකියාවන් පිළිබඳ විශ්වාසය ලබා ගනු ඇත.

3. උපායමාර්ගික සූදානම:

උසස් පෙළ ශිෂ්‍යයෙකු ලෙස, ඔබේ ඉලක්කය විභාග සමත්වීම පමණක් නොව විශිෂ්ටත්වය ප්‍රදර්ශනය කිරීමයි. “සාමාන්‍ය රසායන විද්‍යාව – බහුවරණ ප්‍රශ්න 250” සකස් කර ඇත්තේ ඔබට උපාය මාර්ගික ගැටළු විසඳීමේ කුසලතා වර්ධනය කර ගැනීමට උපකාර කිරීම සඳහා ය. මෙම ප්‍රශ්න උසස් පෙළ විභාග ආකෘතියෙන් නිර්මාණය කර ඇත්තේ උසස් පෙළ විභාගයට පෙර සූදානමක් වන පරිද්දෙනි.

Weight 180 g

Reviews

There are no reviews yet.

Be the first to review “AMILAGuru General Chemistry – 250MCQs (සාමාන්‍ය රසායන විද්‍යාව – 250MCQs) [සිංහල මාධ්‍යය]”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart